ව්‍යාපාර ගිණුම්කරණ අධ්‍යයනය
ව්‍යාපාර ගිණුම්කරණ අධ්‍යයනය
Quiz
01. ව්‍යාපාරයක් යනු
- භාණ්ඩ නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලියයි
- ලාභ ලැබීමේ අරමුණින් කරනු ලබන කරන ලබන ඕනෑම කටයුත්තක්
- මිනිස් අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමේ ඕනෑම ආර්ථික කටයුත්තක්
- වෙළදාම පිළිබඳ පුද්ගලයන් අතර ඇතිකර ගන්නා ගිවිසුමයි
02. සාවද්‍ය ප්‍රකාශය තෝරන්න
- අවශ්‍යතා නිසඟයෙන් බිහිවේ- නිර්මාණය කල නොහැක
- එක් අවශ්‍යතාවයක් සපුරා ගැනීමට විවිධ ආකාරයේ වුවමනා භාවිතා කල හැකිවේ
- රැකියා උත්පාදනයල ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල අරමුනකි
- ආහාර ඇඳුම් හා නිවාස පමණක් මූලික මිනිස් අවශ්‍යතා ලෙස සැලකේ
03. නිෂ්පාදනයේදී ආධාරකර ගන්නා මිනිසා විසින් සකස් කරන ලද දේ හඳුන්වනු ලබන්නේ-
- ව්‍යවසාය
- ප්රාග්ධනය
- මානසික ශ්‍රමය
- කායික ශ්‍රමය
04. බදු ආදායම් නිසිලෙස ලබා ගැනීම රැකියා අවස්ථා උත්පාදනය ජාතික නිෂ්පාදිතය වර්ධනය කර ගැනීම යන
අරමුණු ඉටුකර ගත යුතු පාර්ශවයන් වන්නේ
- අයිතිකරුවන්
- සේවකයන්
- රජය
- සැපයුම්කරුවන්
'
05. බාහිර පරිසරයට අයත් නොවන කණ්ඩායමක් වන්නේ
- සේවකයන්
- ගනුදෙනු කරුවන්
- සැපයුම්කරුවන්
- දේශපාලන පරිසරය
06. පහත සඳහන් පද යුගලයේ නොගැලපෙන පද යුගලය තෝරන්න?
- ශක්තිය - කළමණාකරන අද්දැකීම්
- දුර්වලතා - අයහපත් සේවක ආකල්ප
- අවස්ථා - නව නගර නිර්මාණය
- තර්ජන - තාක්ෂණ දැනුම යාවත්කාලීන නොවීම
07. විවිධ නිර්නායක මත ව්‍යාපාර සංවිධානයක පරිමානය තීරණය කෙරේ- ඒ අනුව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්ථමේන්තුව හඳුන්වාදෙන පරිදි සේවක සංඛ්‍යාව 25 ට අඩු ව්‍යාපාර හඳුන්වනු ලබන්නේ
- හවුල් ව්‍යාපාර
- සුළු හා මධ්‍ය පරිමාණ
- රාජ්‍ය සමාගම්
- දෙපාර්ථමේන්තු
08. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනත් මගින් ආරම්භ කර ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරියල විදේශ සේවා නියුක්ති
කාර්යාංශය ආදී ආයතන අයත් වන්නේ
- සමුපකාර සමිති
- රාජ්‍ය දෙපාර්තමේන්තු
- සංස්ථාපිත සමාගම්
- රාජ්‍ය සංස්ථා
09. පාරිභෝගිකයාල දේශීය නිෂ්පාදකයා, හා ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කිරීමට ක්‍රියාත්මක නොවන ආයතනයක්
නම්,
- මධ්‍යම පරිසර අධිකාරිය
- කම්කරු විනිශ්චය සභාව
- විවිධසෙවා සමුපකාර සමිති
- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය
10. කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම් වල දකිය හැකි
ලක්ෂණයක් වනුයේ
- ආර්ථික කටයුත්තක යෙදීම
- ලාභ ලැබීම
- පැවැත්මක් තිබීම
- නෛතින පුද්ගලභාවයක් තිබීම
11. විශාල වශයෙන් මුදලක් අත නොමැති නීති රීති වලට අකමැති ස්වාධීනව ව්‍යාපාර කටයුතු කිරීමට කැමති
වනිගසූරිය මහතාට ආරම්භ කිරීමට සුදුසු ව්‍යාපාර සංවිධාන වර්ගය වනුයේ
- සීමිත සමාගම්
- තනි පුද්ගල ව්‍යාපාර
- හවුල් ව්‍යාපාර
- සමිති සංවිධාන4
12. හවුල් ව්‍යාපාරයක සාමාජික සන්කයව අවමය 2 ක සහ උපරිමය 20 ලෙස සදහන් වන්නේ කුමන පනතෙහිද
- 1918 අංක 06
- 2007 අංක 07
- 1972 අංක 05
- වංචා වැළක්වීමේ පනත
13. ''බැංකුව විසින් තැන්පතු සඳහා ලබාදෙන පොලී අනුපාතය මත රටක ඉතිරි කිරීම තීරණය වේ'' මෙම ප්‍රකාශයෙන්
හැඟවෙන ව්‍යාපාර පරිසර සාධකය වනුයේ
- ප්‍රජා පරිසරය
- ආර්ථික පරිසරය
- දේශපාලන පරිසරය
- සමාජ හා සංස්කෘතික පරිසරය
14. ව්‍යපාරයක ජංගම වත්කම් පමණක් ඇතුලත් ඛාණ්ඩය වනුයේ
- තොගය ණය ගැතියෝ යන්ත්‍ර මුදල්
- තොගය ණය ගැතියෝ ලීබඩු මුදල්
- ණය ගැතියෝ බැංකු ශේෂය මුදල් ශේෂය
- තොගය ණය ගැතියෝ උපකරණ මුදල්
15. වැඩිවීම හර අඩුවීම බැර මූලධර්මය ගැලපෙන්නේ
- වත්කම් හා වගකීම්
- වත්කම් හා වියදම්
- හිමිකම් හා ආදායම්
- වත්කම් හා ආදායම්
No comments:
Post a Comment